Appam, Appam - Sinhala

මැයි 02 – ආරම්භයේදී දෙවියන් වහන්සේ!

පටන් ගැන්මෙදි දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවූ සේක. (උත්පත්ති කතාව 01:01 )

ශුද්ධ බයිබලයේ පළමු පදය අපට හඳුන්වා දෙන්නේ දෙව් සමිදානන් වහන්සේය. වහන්සේය . “එලොහිම්” යනු හෙබ්‍රෙව් භාෂාවේ භාවිතා වන යෙදුමයි. “එලොහිම්”  යන යෙදුමේ අර්ථය  අති උත්තරීතර , නිමක් නැති, සර්ව ව්‍යාප්ත සහ බලවත් දෙවියන් වහන්සේ යන්නයි.”එලොහිම්’ යන යෙදුමේ නව්‍යතාවයේ අංගයක් තිබේ.එය ඔහු වචනවලින් ලියා ඇත. බයිබලයේ පළමු පදය බහු වචන අර්ථයකින් ආරම්භ වී  ඒක වචනයෙන් අවසන් වේ.

උප්පත්ති කතාව 1:1 පවසන්නේ එලොහිම් (බහු වචන) අහස සහ පොළොව (ඔහු – ඒක වචන) මැව්වේය. මෙය  ව්‍යාකරණමය දෘෂ්ටිකෝණයෙන් ඇත්තෙන්ම පුදුම සහගතය. නමුත් බහු  වචනයක්  ඒකීය අර්ථයකින් සම්පූර්ණ කිරීමේ දිව්‍යමය චේතනාවක් ඇත. මක් නිසාදයක් දෙවියන් වහන්සේත් ත්‍රිත්වයේ  දෙවියන් වහන්සේ ලෙස ප්‍රකාශ කිරීමට අවශ්‍ය බැවිනි. ප්‍රේමණීය පියාණන් වන දෙවියන් වහන්සේ වුවහසේ, උන්වහන්සේගේ කරුණාවන්ත  පුත්‍රයා වන යේසුස් වහන්සේ  සහ එක්සත් කරන ශුද්ධාත්මයාණන් එකම දෙවි කෙනෙකු ලෙස එකතු වී ඇත

ළිඳකින් වතුර  ඇදීමට භාවිතා කරන ලණුවක් නිරීක්ෂණය කරන විට එය නූල් තුනකින් සාදා එක කඹයක් ලෙස මනාව බැඳී ඇත .එකම සැබෑ දෙවියන් වහන්සේ ලෙස අපි එලෝහිම් දකිමු. (ශුද්ධ වූ යොහාන් 17:3) එය කඳු තුනක් සහිත එකම  කන්දක්ය. එම නිසා අපගේ උපකාරය ලැබෙන කඳුකරය දෙසට අපි අපේ ඇස් ඔසවමුද

දෙවියන් වහන්සේ වන  පියාණන් වහන්සේ එකම ආඥාවකින් සියල්ල නිර්මාණය කළ හැකි වුවද එම මැවීම සම්පූර්ණ කිරීමට ශුද්ධාත්මයනන් වහන්සේගේ බලය අවශ්‍ය විය.පොළොව හැඩයක් නැතිව හිස්ව තිබූ විට දෙවියන් වහන්සේගේ ආත්මය ජලය මත බලවත් ලෙස සැරිසරමින් සිටියේය

දෙවියන් වහන්සේ “එළිය වේවා” අණ කළ  විට  වහන්සේගේ බලය තුළින් ආලෝකය නිර්මාණය විය. දෙවියන් වහන්සේ කතා කතා කතා කරයි. ශුද්ධාත්මයාණන් වහන්සේ ඒ මත සැරිසරමින් ක්‍රියාකරයි. මෙයයි මැවීමේ ආශ්චර්යය.

දෙව්පියානන් වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයා වන අපගේ ස්වාමි වූ යේසුස් වහන්සේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේ මැවිලට සම්බන්ධ විය. එම තුන්දෙනාම එක්කෙනෙක් ලෙස පවතී .

ප්‍රේරිත වූ යොහාන් මේ ගැන ලියයි. ශුද්ධ වූ යොහාන් 1:3 මෙම පදවල “වචනය” යන යෙදුමෙන් අදහස් කරන්නේ ජේසුස් සමිදානන් වහන්සේ ය . දේව දරුවනි , පියාණන් වන දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ සමඟය.අද  පවා ඒලෝහිම් උන්වහන්සේගේ මැවිල්ලේ බලයත් සමග ඔබ තුළ සිටී.උන්වහන්සේ ඔබ සඳහා නව අවයව නිර්මාණය කරයි . මක්නිසාද ඔබ තුළ වර්ධනය විය යුතු සියල්ල වර්ධන වීම සඳහා උන්වහන්සේ ඔබ තුළ සියලු පහසුකම් සහ දක්ෂතා අන්තර්ගත කර තිබේ.

තවදුරටත් මෙනෙහි කිරීම සඳහා දේව වචනය තද සුළඟක් හමන්නාක් මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ එයින් ඔවුන් හිඳගෙන උන්නා වූ මුළුගේ පිරුණේය. (ක්‍රියා 2:2 )

Leave A Comment

Your Comment
All comments are held for moderation.