No products in the cart.
මැයි 13 – තුන්වන දිනය!
“දෙවියන් වහන්සේ අහසට යටින් තිබෙන ජලය එක් තැනකට රැස් රැස් වේවා! වියළි බිම පෙනේවයි කී සේක. ඒ එසේ විය. ” (උත්පත්ති 1:9)
මැවීමේ මුල් දින දෙක තුළ දෙවියන් වහන්සේ අහස සහ ස්වර්ගී අහස මැව්වේය.තුන්වන දින සිට උන්වහන්සේගේ නිර්මාණ බලය පෘථිවිය මතට යොමු විය. අද මහපොළොවෙන් තුනෙන් දෙකක් මුහුදෙන් වැසී ගියත්,උන්වහන්සේ පොලවෙන් තුනෙන් එකක් වෙන් කළේ මනුෂ්‍ය වර්ගයාට වාසය කිරීමටය. වියළි බිම පෙනෙන ලෙස උන්වහන්සේ අණ කළ අතර එය එසේ විය.
මුහුද වැනි ජල කඳන් අධ්‍යාත්මික වශයෙන් අරගල සහ පීඩාවන් පෙන්නුම් කරයි. ශුද්ධ ලියවිල්ල පවසන්නේ ; ‘ඔබගේ ජල ධාරාවල ඝෝෂාවෙන් ගැඹුර ගැඹුරට හඬ ගසයි. ඔබගේ සියලු රැළ සහ තරංගයෝ මා වසා ගත්තෝය.” (ගීතාවලිය42:7)
දාවිත් රජු තමාගේ ශෝකය සහ පීඩා ගැන මෙසේ විලාප තැබුවේය. “දෙවියන් වහන්ස මා ගැලෙව්ව මැනව මක්නිසාද ජල ධාරා මාගේ ප්‍රාණය තෙක් පැමිණ තිබේ සිටින්ට තැනක් නැති ගැඹුරු මඩෙහි කිඳී සිටිමි ගැඹුරු ජලයට පැමිණ සිටිමි ජලධාරාවෝ මා උඩින් ගලා ගලා යති.”
‘ජල ගැල්ම මා යට නොකෙරේවා. ගැඹුර මා ගිල නොගනීවා. වළඳ මා රැගෙන කට පියා නොගනීවා.” (ගීතාවලිය 69:2,15)
නමුත් සමිදානන් වහන්සේ අපට ජලය සහ ගංවතුර කෙරෙහි බලය දී ඇත. රතු මුහුද දෙකට බෙදූ, ජෝර්දාන් ගඟ ආපසු පෙරලීමට සැලැස්වූ උන්වහන්සේ අපට පොරොන්දු වී මෙසේ පවසයි.
“නුඹ මාගේය.නුඹ ජල මැදින් යන විට මම නුඹ සමග සිටින්නෙමි; නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලායන්නේ නැත. නුඹ ගිනි මැදින් යන විට නොදැවෙන්නෙහිය. ගිනිදැල්ල නුඹ කෙරෙහි නොඇවිලෙන්නේය.” ( යෙසායා 43:2)
එම නිසයි දිවැසිවර එලිෂාට ජෝර්දාන් ගඟට තම සළුවෙන් පහරදී “එලියාගේ දෙවියන් වහන්සේ කොහේදැයි? ” ප්‍රකාශ කල හැකි වූයේ…
එසේ කළ විට ජෝර්දාන් ගඟ දෙබෑවූ අතර එළිෂාට එගොඩ වන්නට හැකි විය.
එබැවින් ඔබට එරෙහිව බොහෝ ගංවතුර ඇතිවූ විට පවා ඔබ කිසිවිටකත් බිය නොවිය යුතුය. මක් නිසාද සමිදානන් වහන්සේ ඔබ සමඟය. ගීතිකාකරු පවසන්නේ; “එබැවින් පොළව වෙනස් වෙතත්, මුහුද මැද පර්වත සැලෙතත්, එහි ජල ගුගුරා කැලඹෙතත්, එහි නගින රැල වේගයෙන් පර්වත කම්පා වෙතත් බය නොවන්නෙමුව.” ( ගීතාවලිය 46:2-3 )
ලෝකය මුහුදින් වට වී තිබුණත් දෙවියන් වහන්සේ මුහුදේ රළ සඳහා මායිමක් නියම කර ඇති බැවින් එයට පෘථිවිය විනාශ කළ නොහැක. උන්වහන්සේ ඔවුන්ගේ මායිම් පිහිටුවා ගේට්ටු සහ අගුලු දමා ඔවුන්ට අණ දී,
“ඔබට පැමිණිය හැක්කේ මෙපමණ දුරක් පමණි. මා ඔබට නියම කළ මායිම් කිසි විටෙකත් තරණය නොකරන්න. ඔබේ රළවල උඩඟුකම මා සතු මායිම්වල නතර වේවා වේවා ”
අපේ ජීවිතයේ බිය නොමැතිව සතුටින් ගත කරන්න හැකි වී ඇත්තේ මෙම නිසාය.
එලෙසම දෙවියන් වහන්සේ ඔබේ සියලු දුක් සහ පීඩා සඳහා මායිම් නියම කර ඇත. තවද ඔවුන්ට කිසිදා එම දේශ සීමා තරණය කර ඔබ අභිබවා යාමට නොහැකි වනු ඇත. ආමෙන් !
තවදුරටත් මෙනෙහි කිරීම සඳහා දේව වචනය: “සියලු ගංගා මුහුදට යයි. එහෙත් මුහුද පිරෙන්නේ නැත. ගංගා පිටත්ව එන තැනටම නැවත යති.” ( දේශනාකාරයාගේ පොත 1:7 )