Appam - Sinhala

මැයි 08 – අන්ධකාරය!

“දෙවියන් වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙන්කොට, එළියට  දවාල කියාද අන්ධකාරයට රාත්‍රිය කියාද නම් තැබූ සේක.”  (උත්පත්ති 1:4)

ආලෝකය යහපත් ලෙස දුටු දෙවියන් වහන්සේ අන්ධකාරය යහපත් ලෙස දුටුවේ නැත. ආලෝකය නැති තැන අන්ධකාරය ගිලී යයි. ආලෝකයට බලයක් ඇත. නමුත් අන්ධකාරයට එවැනි බලයක් නැත. අඳුර දුරු කිරීමට ආලෝකයට බලය අති අතර  දීප්තියේ ආශිර්වාදයක් ඇත.*

දෙවියන් වහන්සේ ආලෝකය අන්ධකාරයෙන් වෙන් කළ සේක. දෙවියන් වහන්සේගේ දරුවන් අන්ධකාරයෙන් වෙන් වූ මෙම ජීවිතය තේරුම් ගත යුතුය. අප ගැලවීම ලැබූ දින සිට ශුභආරංචියේ ආලෝකය අප හදවත් තුළ බැබලී ඇත. එම නිසා අප සැම අපගේ ජීවිත අන්ධකාරය සහ අපිරිසිදුකමෙන් වෙන් වී දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප වූ වෙන් වූ පිරිසිදු  ජීවිතයක් ගත කළ යුතුය.

ස්වාමීන් වහන්සේ අපෙන් මෙසේ අසයි, “නොහැදිරිකාරයන් සමග අසම ලෙස සම්බන්ධ නොවෙල්ලා. ධර්මිෂ්ඨකමෙත් අධර්මිෂ්ඨකමෙත් ඇති සහභාගිකම මොකද? නොහොත් අන්ධකාරය සමග ආලෝකයේ ඇති පංගුකාරකම මොකද?”  (2 කොරින්ති 6:14-15)

උන්වහන්සේ අපට අණ කරන්නේ, “එබැවින් නුඹලා ඔවුන් අතරින් පිටතට ඇවිත් වෙන්ව සිටපල්ලා. අපවිත්‍ර දෙයකට අත නොගසා සිටපල්ලා.” (2 කොරින්ති 6:17)

අන්ධකාරය පාපය සංකේතවත් කරයි. එනම් නොදැනුවත්කම සහ අන්ධකාර ක්‍රියාවන් පාපය සංකේතවත් කරයි. සාමාන්‍යයෙන් මනුෂ්‍යයන් අන්ධකාරයට කැමැත්තක් නොමැත.මක්නිසාද අන්ධකාරය තුළ අනතුරු බහුලය .තවද සොරුන් සහ මංකොල්ලකරුවන්ගේද අනතුරු බහුලව සිදුවේ.

සාදු සුන්දර් සිං නැමැති දේවදාසයා පහත සඳහන් පරිදි ලියා ඇත. එක්තරා තාපසයෙක් ගැන මෙසේ පවසයි. එම තාපසයාට ආලෝකය පිළිබඳ බොහෝ පිළිකුල් සහගත තත්ත්වයක් තිබුණේය. ඔහුට ආලෝකය දැකීමට අවශ්‍ය නොවීය. එම නිසා ඔහු අඳුරු ගුහාවත් තුළ ආලෝක නොදැක වසර ගණනාවක් ජීවත් විය. ඉන්පසු වසර ගණනාවකට පසු ඔහු එම අඳුරු ගුහාවෙන් එළියට පැමිණි විට ඔහුගේ ඇස්වල හැකියාව නැතිවී ඇති බව ඔහුට වැටහුණි. ආලෝකය අවශෝෂණය කරගත නොහැකිව ඔහුගේ ඇස් සම්පූර්ණයෙන්ම අඳුරු වී තිබුණි.එම නිසා  ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය තුළ ඔහුට ඇස් පෙනීම නැතිව බොහෝ දුක්ඛිත තත්ත්වයෙන් ජීවත්වීමට සිදුවිය.

එලෙසම පාපයේ අන්ධකාරයේ ජීවත් වන අයට ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකය ඉදිරියේ සදහටම සිටීමට නොහැකි වනු ඇත. තවද ඔවුන් දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් නෙරපා හරිනු ලබන අතර පාතාලයනම් සදාකාලික අන්ධකාරය කාරයට හෙළනු ලැබේ. නමුත් එම අන්ධකාරයද ආලෝකය බවට පත් කිරීමට දෙවියන් වහන්සේ අපට උන්වහන්සේගේ එකම පුත්‍රයා වන ජේසුස් සමිඳුන් ලබාදී ඇත.

ශුද්ධ ලියවිල්ල පවසන්නේ, “දෙවියන් වහන්සේගේ තේජසින් නුවර ආලෝක වූ බැවින්ද බැටළු පැටවානන් එහි පහන වන බැවින්ද එහි බැබලීමට සූර්යයාවත් චන්ද්‍රයාවත් ඕනෑ නැත.” කියාය. (එළිදරව් 21:23)

දෙවියන් වහන්සේගේ දරුවෙනි, ඔබගේ අසාර්ථකත්වයේ සහ පාපයේ  අන්ධකාරයෙන් එලිය ලැබීමට  සමිදානන් වහන්සේ ඔබට මග පෙන්වනු ඇතැ. එවිට ඔබට ආලෝකයේ රාජ්‍ය උරුම කරගත හැකිය.

තවදුරටත් මෙනෙහි කිරීම දේව වචනය “මක්නිසාද ස්වාමීන් වහන්ස, ඔබ මාගේ පහනය ස්වාමීන් වහන්සේ මාගේ අන්ධකාරය ආලෝකය කරන සේක.”  (2සාමුවෙල් 22:29)

Leave A Comment

Your Comment
All comments are held for moderation.