Appam - Sinhala

මැයි 05 – ආලෝකය!

“දෙවියන් වහන්සේ එළිය වේවායි කී සේක. එවිට එළිය විය.” (උත්පත්ති 1:3)

දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයට ආලෝකය සහ දීප්තිය ගෙන එයි. ඔබ තුළට  මහිමය ගෙන එන්නේ උන්වහන්සේය. උන්වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය මැවූ දෙවියන් වහන්සේ වන අතර උන්වහන්සේ  ඔබේ ජීවිතයේ සියලු අන්ධකාරය දුරු කරනු ඇත.ප්‍රීතිය අංගසම්පූර්ණකම සතුට සහ සමාදානය ඇති කරන සේක.

ශුද්ධ බයිබලය ලොව පුරා හඳුන්වන්නේ “ආලෝකයේ ග්‍රන්ථය” යනුවෙනි. පරණ ගිවිසුමෙහි පළමු පරිච්ඡේදයෙහි දෙවියන් වහන්සේ එළිය වේවායි කී සේක. එලෙසම පරණ ගිවිසුමෙහි අවසන් පරිච්ඡේදයේ “ධර්මිෂ්ඨකමේ සූර්යයා උදාවන්නේ” යැයි පවසයි. (මලාකි 4:2)

අලුත් ගිවිසුමෙහි පළමු පොතෙහි  අපි දිලිසෙන තාරකාවක් දකිමු. එනම් ප්‍රඥාවන්තයින්ව ජේසු සමිඳුන් වෙතට ගෙන ගිය අපූර්වත්වය (මතෙව් 2:9)

එලෙසම අලුත් ගිවිසුමෙහි අවසන් පරිච්ඡේදයෙහි ජේසු සමිදානන් වහන්සේ “දීප්තිමත් පහන් තාරකාව වන දාවිත්ගේ මුල සහ පරම්පරාව” බව ප්‍රකාශ කරන ආකාරය අපි දකිමු.  (එළිදරව්22:16)

ජේසුස් වහන්සේ මුළු ලෝකයේම ආලෝකය වන්නා සේම වන්නා සේම උන්වහන්සේට අවශ්‍ය වන්නේත් උන්වහන්සේගේ දරුවන් මෙම අන්ධකාර ලෝකයේ ආලෝකය වීමටය. උන්වහන්සේට අවශ්‍ය සහ අපේක්ෂා කරන්නේ නගරයක් මත තිබෙන්නා වූ කන්දක් මෙන් ඔබගේ නිවස මෙම අන්ධකාරයෙන් පිරුණාවූ ලෝකයේ ආලෝකයෙන් පිරී නිවසක් කිරීම සඳහා ඔබගේ ජීවිතය දීප්තිමත් කිරීමයි.

“ලෝකයට එන්නාවූ සියලු මනුෂ්‍යයන් ආලෝක කරන්නා වූ ආලෝකය සත්‍ය වූ ආලෝකය. (යොහාන් 1:9)

උන්වහන්සේ ආලෝකය ලබා දෙනවා පමණක් නොව ඔබේ හදවත සහ ආත්මය ආලෝකවත් කරයි.

“ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය. මාගේ මාවතට එළියක්ය.” (ගීතාවලිය 119:105)

සමිඳානන් වහන්සේගේ වචනය  ඔබේ ආත්මයට ආලෝකය සපයයි. ඔබ ව්‍යාකූල වී නිවැරදි මාර්ගය තෝරා ගැනීමට නොහැකි වූ විට, දෙවියන් වහන්සේ ඔබට උපදෙස් දී ඔබට මාර්ගය උගන්වනු ඇත. “තට උගන්වන්නෙමි, තා විසින් යා යුතු මාර්ගයෙහි තට ගුරුකම් දෙන්නෙමි. මාගේ ඇස තා කෙරේ යොමු කොට තට දැනමිතිකම් දෙන්නෙමි. (ගීතාවලිය 32:8)

අපෝස්තුළු වූ ප්‍රේතෘස් පවසන්නේ,  “අළුයම පැමිණි පහන් තාරකාව නුඹලාගේ සිත් තුලෙහි පායන තුරු අඳුරු තැනක බබලන පහනක් මෙන් එය සලකන්නහුනම් යහපත්ය.” යනුයි. (2පේදුරු 1:20)

“ප්‍රේමවන්තයෙනි දැන් අපි දෙවියන් වහන්සේගේ දරුවෝය. අපි කොයි ආකාර අය වන්නේමුදැයි තවම ප්‍රකාශ වී නැත. උන්වහන්සේ ප්‍රකාශ වුණාම අපි උන්වහන්සේට සමාන බව දනිමුව. මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේ දකින්නෙමුව.” (1යොහාන් 3:2)

දේව දරුවනි, ඔබ ඒ සඳහා සූදානම් වෙනවාද?  අපගේ තේජාන්විත රජු උන්වහන්සේගේ තේජාන්විත දේවදූතයන් සමඟ එළිදරව් වන දිනය අත ළඟය.

තවදුරටත් මෙනෙහි කිරීම සඳහා වන පදය:අපි සියල්ලෝ ද මුහුණ වැස්මක් නැතුව ස්වාමීන්වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වමින් ආත්මයාණන් වහන්සේ වන ස්වාමීන් වහන්සේ කෙරෙන් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස් කරනු ලබමුව.” (2කොරින්ති 3:18)

Leave A Comment

Your Comment
All comments are held for moderation.