No products in the cart.
මැයි 03 –පළමු දිනය!
“පටන් ගැන්මෙහිදී දෙවියන් වහන්සේ අහසක් පොළොවත් මැවූ සේක. (උත්පත්ති කතාව 1:1)
මිනිසා පිළිබඳ සදාකාලික අරමුණක් ඇති අපගේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවුවේ මනුෂ්‍ය වර්ගයා සඳහා පමණි . ස්වර්ගය යන්නේ අදහස් කරන්නේ විශාල අහසක් පමණක් නොවේ. නමුත් මුළු ස්වර්ගය සහ එහි ආත්මික සේනාවන්ද වේ. දෙවියන් වහන්සේ මනුෂ්‍යයා සෑදීමට පෙර සිටම මනුෂ්‍ය වර්ගයාට සේවය කිරීම සඳහා ස්වර්ගීය දේවදූත සේනාවන් මැව්වේය.
ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයෙකුටවත් නව පරමාණුවක් නිර්මාණය කළ නොහැක. මිනිසාට හැකි වන්නේ දෙවියන් වහන්සේ විසින් දැනටමත් නිර්මාණය කර ඇති ඕනෑම දෙයක් විවිධ ස්වරූපවලට පරිවර්තනය කිරීම පමණි. ඊට හේතුව දෙවියන් වහන්සේගේ මැවීමේ බලය දේවදූතයන්ට හෝ මනුෂ්‍යයාට ලබාදී නොමැති බැවිනි.
එක් පරමාණුවක් නිර්මාණය කිරීම සඳහා ටොන් මිලියන ගණනක ඉන්ධන සහ අසීමිත ඉලෙක්ට්‍රෝන ඒකක අවශ්‍ය වේ. එක් නව පරමාණුවක් නිර්මාණය කිරීමට තරම් මුදල් හා සම්පත් වියදම් කිරීමට හැකි එක් ධනවතෙක්වත් මුළු ලෝකයේම නැත.එවැනි ප්‍රඥාවක් ඇති එක හෝ විද්‍යාඥයෙක්ද මුළු ලෝකයේම නැත අපේ ස්වාමීන් වහන්සේ උතුම් බලවත් දෙවි කෙනෙක්ය.
අහස මැවූ දෙවියන්වහන්සේ කෙතරම් බලගතු හා තේජාන්විතද, ඉර හඳ සහ තරු විශාල සමූහයක්! අපේ ඇස්වලින් අපට පෙනෙන ඕනෑම දෙයක් සහ අපේ ඇස් වලට නොපෙනෙන අදෘෂ්ඨමාන සියල්ල මවා ඇත්තේ දෙවියන් වහන්සේ විසිනි.ශුද්ධ ලියවිල්ල පවසන්නේ,
“කුමක් හෙයින්ද නුඹේ ස්වාමි පුරුෂයා නම් නුඹේ මැවුම්කාරයාණෝය .උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන් වහන්සේය. නුඹේ මීදුම්කාරයාණෝ ඊශ්‍රායල්ගේ ශුද්ධ තැනන් වහන්සේය. මුළු පොළොවේ දෙවියන් වහන්සේ යැයි උන්වහන්සේට කියනු ලැබේ.” *(යෙසායා 54:5)
බයිබලයේ පළමු පදය මැවුම්කරු දෙවියන් වහන්සේව අපිට හඳුන්වා දෙන අතර “පටන් ගැන්මේහිදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැව්වේය.” (උත්පත්ති 1:1)
ඒ මහිමාන්විත බව දැන ගැනීම අපට මොන තරම් සතුටක් හා ආඩම්බරයක්ද?, ශ්‍රේෂ්ඨ සහ බලසම්පන්න දෙවියන් වහන්සේ අපගේ ආදරණීය පියාද වේ!. අදටත් ඔබේ ජීවිතයේ අරුම පුදුම දේ නිර්මාණය කිරීමට එකම මැවුම්කරු වූ දෙවියන් වහන්සේට හැකි බව කිසිදා අමතක නොකරන්න.
“එම්බා යාකොබ් නුඹව මැව්වාද එම්බා ඊශ්‍රායෙල් නුඹව සෑදූවාද ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක. භය නොවන්න. මක්නිසාද මම නුඹ මුදා මුදාගතිමි. නුඹේ නම කියා හඬ ගැසීමි.නුඹ මාගේය.” (යෙසායා 43:01 )
උන්වහන්සේ තරම් බලවත් හා තේජාන්ත දෙවි කෙනෙක් සිටීද? උන්වහන්සේ මෙන් ඔබට ප්‍රේම කළ හැකි කිසිවෙක් නැත. සියලු මැවීම් සමිඳානන් වහන්සේට ප්‍රශංසා කරයි.ඔබත් උන්වහන්සේට ප්‍රශංසා කරනවාද?
“තවද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් පොළොවෙන් යට සහ මුහුද පිටත් ඇත්තා වූ සියලු මැවිලි වන එහි ඇති සියල්ලෝ සිංහාසනයෙහි වැඩ ඉන්න තැනන් වහන්සේටත් බැටළු පැටවානන්ටත් ප්‍රශංසාවද ගෞරවයද මහිමයද පරාක්‍රමයද සදාකාලයටම වේවායි කියනවා ඇසිමි” (එළිදරව් 5:13)