Appam - Sinhala

මැයි 30 – යෙහෝවා එලියොන්!

“ස්වාමීන්ගේ ධර්මිෂ්ටකම පරිද්දෙන් උන්වහන්සේට ස්තුති කරන්නෙමි. මහෝත්තම වූ ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසා ගේ කියන්නෙමි.” (ගීතාවලිය 7:17)

“යෙහෝවා එලියන්” යනු දෙවියන්වහන්සේගේ එක් නාමයකි, එහි අර්ථය ‘මහෝත්තම ස්වාමීන්’ යන්නයි.  අපගේ සමිඳාණන් වහන්සේ මහෝත්තම සමිඳාණන් වහන්සේ ය.  උන්වහන්සේ  උස් ස්ථානයක වාසය කරයි.

“උන්වහන්සේගේ තේජස ස්වර්ගවලට වඩා උසස්ය. උසස් තැන්හි වැඩ හිඳින්නා වූ, ස්වර්ගයේද පෘථිවියේද තිබෙන දේ බලන්ට තමන්ම යටත්වන්නා වූ අපේ දෙව් ස්වාමීන්ට සමාන කවුද?  (ගීතාවලිය 113:5)

පළමුව, මහෝත්තම සමිඳාණන් වහන්සේ ඔබට ඉහළින් ආශීර්වාද කරන සේක.  බලන්න ආබ්‍රහම්ට ආශීර්වාද වුණු හැටි.

“සාලෙමිහි රජ වූ මේ මෙල්කිදෙස් රොටී හා මුද්‍රික පානය ගෙනායේය. හෙතෙම මහෝත්තම දෙවියන්වහන්සේගේ  පූජකයා විය. ඔහු ආබ්‍රහම්ට ආශිර්වාද කොට: අහසත් පොළොවත් හිමිවූ මහෝත්තම දෙවියන් වහන්සේගෙන් ආබ්‍රම්ට ආශිර්වාද වේවා; නුඹේ සතුරන් නුඹේ අතට පාවා දුන් මහෝත්තම දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවායි කී සේක.” (උත්පත්ති 14:18-20)

දෙවනුව, මහෝත්තම දෙවියන් වහන්සේ ඔබට මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයේ නවාතැන් ලබා දෙයි.  ශුද්ධ ලියවිල්ල පවසන්නේ,

“මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්ව පරාක්‍රමයානන්ගේ සෙවණෙහි වාසය කරන්නේය.” (ගීතාවලිය 91:1)

මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයේ සිටීම මොනතරම් පුදුමාකාර  වරප්‍රසාදයක්ද!  සර්වබලධාරී දෙවියන්වහන්සේගේ  සෙවණැල්ල කොතරම් ආරක්ෂිතද!  එය කුරුල්ලාගේ උගුලෙන් සහ භයානක වසංගතයෙන් ගැලවීමට ස්ථිර තෝතැන්නක් වනු ඇත.  උන්වහන්සේ  තම ප්‍රේමයේ පිහාටුවලින් ඔබව ආවරණය කරයි; උන්වහන්සේගේ  පියාපත් යට ඔබ රැකවරණය ලබන්නෙහිය

තෙවනුව, මහෝත්තම දෙවියන් වහන්සේ ඔබව ශුද්ධාත්මයාණන්ගෙන් පුරවයි – ඉහළ සිට බලය,යෙරුසලම් නගරයේ නැවතී සිටි තම ගෝලයන්ට ඔහු පොරොන්දු වූ ආකාරයටම, උන් වහන්සේ ඔවුන්ට ඉහළින් බලය ලබා දුන් සේක

“බලව මම මාගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව නුඹලා  වෙතට එවමි. නමුත් ඉහලින් නුඹලා බලයෙන් සරසනු ලබන තුරු නුවර නැවතී සිටපල්ලායි කී සේක.” (ලූක් 24:49)

“නමුත් ශුද්ධාත්මයාණන් වහන්සේ  නුඹලා කෙරෙහි පැමිණි කළ නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා  යෙරුසලමෙහිද, මුළු යුදයේහිද, සමාරියෙහිද, පොළවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහු යැයි කී සේක.” (ක්‍රියා 1:8)

හතරවනුව, ‘ක්‍රිස්තුස් යේසුස්  වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල උන්වහන්සේ සමඟ අප හිඳවූ සේක.” (එපීස 2:6)

ලෞකික ආශිර්වාද ඇත. ආත්මික ආශිර්වාද , සදාකාලික ආශිර්වාද ද, ඉහළින් ආශිර්වාද ලැබේ.

මහෝත්තම වූ දෙවියන් වහන්සේ සමඟ ගමන් කිරීම කෙතරම් ආශිර්වාදයක්ද? විශිෂ්ට ප්‍රශංසා ගීත ගායනා කිරීම සහ උන්වහන්සේගේ ප්‍රේමයෙන් පිරීම අපේ මහෝත්තම සමීදානන් වහන්සේ සමඟ ස්වර්ග රාජ්‍යයේ සදාකාලයටම  ප්‍රීති වන්නෙමුව

දෙවියන් වහන්සේගේ දරුවනි, ඔබ තුළින් මහෝත්තම වූ දෙවියන් වහන්සේ සැම විටම මහිමයට පත්වේවා!

ගීතිකාකරු පවසන්නේ, “ස්වාමීන්ට ප්‍රශංසා කරව්. ස්වර්ග වල සිට ස්වාමීන්ට ප්‍රශංසා කරව්. උස්තැන්හිදී උන්වහන්සේට ප්‍රශංසා කරව්.” (ගීතාවලිය 148:1)

“උසස් තැන්හි වැඩ හිඳින්නා වූ ස්වර්ගයේද පෘථිවියේද තිබෙන දේ බලන්ට තමන්ව යටත්වන්නා වූ අපේ දෙව්වූ ස්වාමීන්ට සමාන කවුද?” (ගීතාවලිය 113:5)

“බලව බලවත් බාහුවක් ඇත්තේය. ඔබගේ අත ශක්තිමත්ය, දකුණත උසස්ය.”(ගීතාවලිය 89:13)

තවදුරටත් මෙනෙහි කිරීම සඳහා දේව වචනය: “අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියවූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා!” (එපීස 1:3)

Leave A Comment

Your Comment
All comments are held for moderation.