No products in the cart.
මැයි 28 – පොළොවේ පවුල්!
“තවද නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරන්නෙමි. නුඹට ශාප කරන්නාට මම ශාප කරන්නෙමි . පොළොවේ සියලු පවුල් නුඹ කරන කොටගෙන ආශිර්වාද ලබන්නෝ යැයි කී සේක.” (උත්පත්ති 12:3)
සමිඳාණන් වහන්සේ ඔබට සහ ඔබේ පවුලට ආශීර්වාද කරන සේක. උන්වහන්සේ පොළොවේ සියලු පවුල්වලටද ආශීර්වාද කරයි. උන්වහන්සේ බොහෝ දෙනෙකුට ආශීර්වාද කිරීම සඳහා ආබ්‍රම්ගේ නම ආබ්‍රහම් ලෙස වෙනස් කළ අතර,
“නුඹේ නාමය තවත් ආබ්‍රම් යැයි කියනු නොලබන්නේය. නුඹේ නාමය ආබ්‍රහම් වන්නේය මක්නිසාද මම නුඹ බොහෝ ජාතීන්ගේ පියා කළෙමි.” (උත්පත්ති 17: 5)
මිනිසෙක් ධර්මිෂ්ඨ නම්; ඔහු දෙවියන් වහන්සේට ප්‍රේම කර අන් අයට යහපත කරන්නේ නම්, ඔහු උදෙසා සමිඳාණන් වහන්සේ පරම්පරා දහසකට ආශීර්වාද කරන සේක. ජේසු සමිඳුන් මෙලොව උපත ලැබුවේ ආබ්‍රහම්ගේ පරම්පරා හතළිස් දෙකකට පසුවය. ආබ්‍රහම් තුළ, ඒ සියලු පරම්පරාවන්ට දෙවියන් වහන්සේ ආශීර්වාද කළහ.දාවිත්, සලමොන්, රෙහොබෝවම් වැනි ශ්‍රේෂ්ඨ රජවරු පැමිණ ඊශ්‍රායලය පාලනය කළේ ආබ්‍රහම්ගේ පරම්පරාවෙනි.
වරක් ජේසු සමිඳාණන් වහන්සේ සිනගෝගයට පැමිණි විට, අවුරුදු දහඅටක් තිස්සේ දුර්වල ආත්මයක් ඇති, නැමී නැගිටීමට නොහැකි වූ කාන්තාවක් දුටුවේය. ආබ්‍රහම් වෙනුවෙන් ඇයව සුව කිරීමට අවශ්‍ය වූ ස්වාමින් වහන්සේ,
“දස අට අවුරුද්දක් මුළුල්ලෙහි සාතන් විසින් බැඳ සිටි ආබ්‍රහම්ගේ දුවෙක් වූ මේ ස්ත්‍රිය ඒ බැම්මෙන් සබත් දවසේදී මුදන්ට යුතුව තිබුණා නොවේදැයි කී සේක.” (ලූක් 13:16)
උන්වහන්සේ ඇයව තමා වෙත කැඳවා ඇගේ දුර්වලතාවයෙන් ඇයව මුදා හැරියේය.
සාකෙවුස් හමු වූ විට සමිඳාණන් වහන්සේ ආබ්‍රහම්ව සිහිපත් කළහ. ජේසුස් වහන්සේ ඔහුට මෙසේ වදාළ සේක, ”
“යේසුස් වහන්සේ ඔහුට කියන සේක්: ගැලවීම අද මේ ගෙදරට පැමිණියේය. කුමක් එහින්ද මොහුත් ආබ්‍රහම්ගේ පුත්‍රයෙක්ය. මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා නැති වූ දේ සොයන්නටද ගලවා ගන්නටද ආසේක යැයි කී සේක.” (ලූක් 19: 9)
ආබ්‍රහම් තුළ පොළොවේ සියලු පවුල් ආශීර්වාද ලබන බව පැවසූ ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ව සිහිපත් කර ගැලවීමේ ප්‍රීතියෙන් සාකෙවුස්ට ආශීර්වාද කළේය.
නිවසක පියා ගෞරවනීය ස්ථානයක සිටින විට, ඔහුගේ දරුවන්ද සමාජයේ ගෞරවයට පාත්‍ර වේ. දරුවන්ට තම පියාගේ අනුග්‍රහය භාවිතා කරමින් බොහෝ අනුග්‍රහයක් ලබාගත හැකිය. තම පියා ධර්මිෂ්ඨ මිනිසෙක් නම් ඔහුගේ දරුවන්ට ඔහුගේ ඇස් හමුවේ කරුණාව ලැබේ.
සමිඳාණන් වහන්සේ ඔබේ පරම්පරාවට ආශිර්වාද කරන සේක. ප්‍රේරිත පාවූල් තිමෝතිට ලියන විට ඔහු තිමෝති ව හඳුන්වන්නේ ඇදහිල්ලේ සැබෑ පුත්‍රයෙක් ලෙසයි. පියෙකුගේ ආශිර්වාදය තම දරුවන්ට ලබා දෙනවා සේම අපෝස්තුලු වූ පාවුල්ගේ ආශිර්වාදය. තිමෝති මත පතල විය ඔබට අන් අයට අධ්‍යාත්මික පියකු විය හැක්කේ කෙසේද? ඔවුන් දෙස පිය සෙනෙහසින් බැලිය යුතුය. ශුද්ධ ලියවිල්ලේ සත්‍යයන් ඔවුන්ට පවසා ඔවුන්ට ආශිර්වාද කරන්න. ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ තුළ වැඩීමට සහ ඔවුන්ගේ අධ්‍යාත්මික උන්නතිය සඳහා ඔබට කළ හැකි සියල්ල කරන්න .එවිට මිනිසුන් ඔබ ගැන ඔවුන්ගේ සාක්ෂිය මෙසේ බෙදා ගනී.
“මහත්මයා මාගේ අසනීප තත්ත්වයෙන් මම ඔබ හරහා නිදහස් වුනෙමි.” “මම ඔබ තුළින් සුභාරංචිය අසා ඒ තුළින් ගැලවීමට පත්වුනෙමි.” “ඔබ මා වෙනුවෙන් යාඥා කළ විට මට ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආලේපය ලැබුණි .”
තවදුරටත් මෙනෙහි කිරීම සඳහා පදය: “උන්වහන්සේගේ නාමය සදාකල් පවතින්නේය. හිරු පවත්නා තෙක් උන්වහන්සේගේ නාමය පවතින්නේය. මනුෂ්‍යයෝ උන්වහන්සේ කරන කොටගෙන ආශිර්වාද ලබන්නෝය. සියලු ජාතීහු උන්වහන්සේ වාසනාවන්ත යැයි කියන්නෝය.” (ගීතාවලිය 72:17)