Appam - Sinhala

මැයි 14 – තෘණ සහ ඔසු

“පොළොව වනාහී තෘණද බීජ උපදවන පලාද ඒ ඒ වර්ග ලෙස ඵලදරන බීජ සහිත පල  වෘක්ෂ ද පොළව පිට හටගන්නවාවයි කී සේක. ඒ එසේ විය.” ( උත්පත්ති 1:11)

දෙවියන් වහන්සේට අවශ්‍ය වූයේ ශුන්‍ය හා ස්වරූපයක් නොමැති පෘතුවිය නිවැරදි කිරීමටයි. උන්වහන්සේ පොළොව සෑදුවේ අලංකාර ගස් ඇති කිරීමටයි. දෙවියන් වහන්සේ පෘතුවිය මත වැදගත් දේවල් තුනක් නිර්මාණය කළේය.

තණකොළ, ඖෂධ පැළෑටි සහ පලතුරු ගස් ය. මේවා මේ ලෝකයේ  කිතුණුවන් වර්ග තුනක පෙරනිමිති වෙයි. අප එක් එක් වර්ගය වඩාත් විස්තරාත්මකව සලකා බලන අතර ඔබ අයත් වන්නේ කුමන කාණ්ඩයකටදැයි ඔබට පරීක්ෂා කළ හැකිය.

පළමුව ශුද්ධ ලියවිල්ල,  දුෂ්ඨ මිනිසුන් –  තණකොළ වලට සමාන කරයි. “දුෂ්ඨයන් තණකොළ මෙන්    වැඩෙන්නෙත්, අයුතුකම් කරන සියල්ලන් සඵල වන්නේත්, ඔවුන් සදාකාලයට විනාශ වන පිණිසය.” ( ගීතාවලිය 92:7 )

දෙවනුව ශුද්ධ ලියවිල්ල, අයුතුකම් කරන්නන් –  ඔසුවලට සමාන කරයි. “නපුර කරන්නන් නිසා කල නොකිරව. අධර්මිෂ්ටකම් කරන්නන්ට ඊර්ෂ්‍යා නොකරව. මක්නිසාද ඔව්හු තෘණ මෙන් වහාම කපනු ලබන්නෝය. නිල්පලා මෙන් වියළෙන්නෝය.” ( ගීතාවලිය 37:1,2 )

තෙවනුව ශුද්ධ ලියවිල්ල, ධර්මිෂ්ඨ පුද්ගලයන් –  සඵල ගස්වලට සමාන කරයි. “ඔහු දිය ඇලවල් ළඟ හිඳ වූ, නියම කලට ඵල දෙන, නොමැල වෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය. ඔහු කරන සියල්ල සඵල වෙයි.” (ගීතාවලිය 1:3)

දරුවෙනි, ඔබ ඒ ඵල ඇති ගස් හා සමානද?  යෝසෙප්ගේ ජීවිතය දෙස බලන්න. ඔහුට ඔහුගේ ජීවිතයේ බොහෝ පරීක්ෂාවන් සහ පීඩාවන් හරහා යාමට සිදුවිය. බොහෝ ලැජ්ජාව සහ නින්දා විඳීමට සිදුවිය. ඒ සියල්ල මැද වුවද ඔහුගේ ජීවිතය සරුසාර එකක් විය. ශුද්ධ ලියවිල්ල පවසන්නේ,

“යෝසෙප් පල දෙන අත්තක්ය;  උල්පතක් ළඟ තිබෙන පල දෙන අත්තක්ය ; එහි ශාඛා බිත්තිය පිට විහිද යති.” (උත්පත්ති 49:22)

සමිදානන් වහන්සේ ඔබේ ජීවිතයේ සියලු  සපලතාවය අපේක්ෂා කරයි. උන්වහන්සේ බලාපොරොත්තු වන්නේ ඔබ බහුල ලෙස හොඳ ඵල දරන ගසක් ලෙස වර්ධනය වීමයි.දෙවියන් වහන්සේ පවසන්නේ,

“නුඹලා මා තෝරා ගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත් කලෙමි. එසේ කළේ නුඹලා ගොස් ඵල දරන  පිණිසත් නුබලාගේ පල පවතින පිණිසත්‍ මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිසත්ය.” ( ශු.යොහාන් 15:16 )

බොහෝ මිනිස්සුන්ගේ ජීවිතයේ කොළ පමණක් දක්නට ලැබෙන අතර පලදාව නොමැත. මේවා සම්ප්‍රදායේ කොළ,සංස්කෘතියේ කොළ හා නාමික ක්‍රිස්තියානි ධර්මය හෝ බාහිර පෙනුමෙන් කොළ පමණක් වේ. දෙවියන් වහන්සේ කිසි විටෙකත් ඔබෙන් එවැනි කොළ බලාපොරොත්තු නොවේ. ඇත්ත වශයෙන්ම උන්වහන්සේ ඒවා පිළිකුල් කරයි. නමුත් උන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන්නේ අධ්‍යාත්මික ඵලය.

පල නොදරන සෑම ගසම පෘතුවිය නාස්ති කරයි. ඒ සඳහා සියලු ජලය පොහොර වත් කරත් එය වර්ධනය කිරීමටද දරන සියලු උත්සාහයන් හුදු නාස්තියක් වී ඇත. ඵල රහිත ජීවිතය අදාළ පුද්ගලයා පමණක් නොව ඔහු වටා සිටින සියල්ලන් ද නරක් කරයි.

සමිදානන් වහන්සේ බොහෝ ශෝකයෙන් මෙසේ වදාළ සේක.

“එක් මනුෂ්‍යයෙක් මිදි වත්තෙහි අත්තිකා ගහක් හටුවා තිබුණේය. ඔහු ඒ ගහේ ගෙඩි සොයමින් ආවේය. නමුත් කිසිවක් සම්බ උනේ නැත. එවිට ඔහු මිදිවත්ත බලන්නාට කතාකොට බලව මේ තුන් අවුරුද්දේම මේ අත්තික්කා ගහේ ගෙඩි සොයා ආ නමුත් කිසිවක් සම්බ උනේ නැත. ඒක කපා දමන්න. පොළොවට බරව තිබෙන්නෙත් මක්නිසා දැයි කීවේය.” (ශු.ලූක් 13:7)

දෙවියන් වහන්සේගේ දරුවනි, ඔබ ස්වාමීන් වහන්සේ උදෙසා ඵල දැරීමට තීරණය කරනවාද?

තවදුරටත් මෙනෙහි කිරීම සඳහා දේව වචනය: “ආලෝකයේ දරුවන් මෙන්  හැසිරියල්ලා.ආලෝකයේ ඵල නම් සියලු ආකාර යහපත්කමත්, ධර්මිෂ්ඨකමත්, සැබෑකමක්ය.” ( එපීස 5:9 )

Leave A Comment

Your Comment
All comments are held for moderation.