Appam - Sinhala

මැයි 10 – අවකාශය!

“දෙවියන් වහන්සේ ජල මධ්‍යයෙහි අවකාශයක් වේවා වේවා! එය කරන කොට ගෙන ජලය ජලයෙන් වෙන් වේවායි කී සේක.”  (උත්පත්ති 1:6)

අපි නිල් අහස දෙස බලන සෑම විටම උන්වහන්සේ කෙරෙහි  අපගේ හදවත් සතුටින් පිරී යයි.බොහෝ දයාවෙන් පිරුණු අපගේ ගැලවුම්කරු ස්වාමීන් වන ජේසුස් වහන්සේ අපට ඇත.එම ස්ථානයේ අපිට අපගේ සදාකාලික නිවස පවතී. අපගේ නම් ජීවන පොතෙහි ළියා ඇත.  නොනැසී පවතින මහිමාන්විත ජීවන ඔටුන්න අපට උරුමය වී ඇත.

අවකාශය යනු ආත්මික ජීවිතයයි. අහස දෙස අප බලන අවස්ථාවේ අපට මතකයට නැගෙන්නේ ඊශ්‍රායෙල්වරු ඉදිරියේ උන්වහන්සේ වළා ටැඹකින්  මග පෙන්වූ ආකාරයයි.තවද අහස දෙස අප බලන විට අපට මතකයට නැගෙන්නේ ජේසුස් වහන්සේ පියාණන් වහන්සේ වෙතට ස්වර්ගයට නැගුණු අවස්ථාවයි.  අහස්තලය දෙස බලන විට උන්වහන්සේගේ මැවීමේ බලය ගැන අප උන්වහන්සේට ප්‍රශංසා නමස්කාර කළ යුතුය.

ශුද්ධ ලියවිල්ල පවසන්නේ , “ක්‍රිස්තුස්  යේසුස් වහන්සේ තුළ ස්වර්ගීය වූ ස්ථානවල උන්වහන්සේ සමඟ අප හිඳවූ සේක. (එපීස 2:6)

“අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියවූ දෙවියන් වහන්සේට ප්‍රශංසාවේවා! මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව, නොකළැල් ව සිටින පිණිස, ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ අප තෝරා ගත් ලෙසම ,උන්වහන්සේ තුළ ස්වර්ගයේ ස්ථානවල සියලු ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළ සේක. ( එපීස 1:3-4)

දාවිත් රජ අහස දෙස බැලූ අතර ඔහුගේ හදවත දෙවියන් වහන්සේගේ ප්‍රශංසාවෙන් පිරී ගියේය. ඔහු පවසන්නේ “ස්වාමීන්ට ප්‍රශංසා කරව්, දෙවියන්වහන්සේගේ ශුද්ධස්ථානයේදී උන්වහන්සේට ප්‍රශංසා කරව්. උන්වහන්සේගේ බලපවත්නා අහස් තලයෙහි උන්වහන්සේට ප්‍රශංසා කරව්.” ( ගීතාවලිය 150:1)

“අහස දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරයි. ගුවන්තලය උන්වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි. (ගීතාවලිය 19:1)

එම නිසා ස්වර්ගී ආකාශයේ විශාල විස්තරය සහ එහි අලංකාරය මැවුම්කරු දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමට හා නමස්කාර කිරීමට අපව යොමු කරයි.

අකුණු අහස පුරා දිවෙන අතර ඒවා  අඳුරු අහස  දීප්තිමත් කරයි. ගිගිරුම් හඬ මගින් යුධාහි රජු සදහටම ජීවමාන බව අපට ප්‍රකාශ කරයි. සමිදානන් වහන්සේ  අහස පුරා තරු මිලියන ගණනක් පිහිටුවා අප කෙරෙහි උන්වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කළ සේක.

ශුද්ධ ලියවිල්ල මෙසේ පවසයි , “නුවණ ඇත්තෝ ආකාශයේ දීප්තිය මෙන්ද, බොහෝ දෙනකු ධර්මිෂ්ටකමට හරවා ගන්නෝ තාරකාවන් මෙන්ද සදාකාලයටම බැබලෙන්නෝය.” දානියෙල් 12:3)

ඔබ මේ ලෝකයේ නොවේය. ඔබ සැම විටම ස්වර්ගය දෙස බලා ඔබේ ජීවිතය ගත කළ යුතුය. ස්වර්ගීය දර්ශනයක් ඇතිව ආගන්තුකයන් සහ විදේශිකයන් ලෙස මේ ලෝකය හරහා ගමන් කියා පහත බයිබල් පදය පවසයි.

“අපගේ නාගරිකත්වය ස්වර්ගයෙහිය.එතනින් ගැලවුම්කාරයෙක් වන ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එනවා අපි බලාසිටිමුව. (පිළිප්පි 3:20)

“අපගේ පියාණෝ ස්වර්ගයෙහිය.” *(ශු.මතෙව් 6:9) “අපගේ ස්වාමි වූ ජේසුස්වහන්සේඑහි සිටී.”  (ක්‍රියා 5:31) “අපගේ වාසස්ථානය එහි ඇත.”  (ශු.යොහාන්14:2) “අපගේ නම් ස්වර්ගයේ ජීවන පොතෙහි  ලියා ඇත.  (ශු ලූක්.10:20 , පිලිප්පි 4:3) “තවද අපගේ ජීවිතය ක්‍රිස්තුස් වහන්සේ සමඟ දෙවියන් වහන්සේ තුළ සැඟවී ඇත.” (කොලොස්සි 3:1-3)

තවදුරටත් මෙනෙහි කිරීම සඳහා දේව වචනය: “ඉතින් නුඹලා ක්‍රිස්තුස් වහන්සේ සමඟ නැගිටගෙන ලද්දහු නම් උසස් තැන්හි තිබෙන දේවල් සොයාපල්ලා.එහි ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ වැඩ හිඳින සේක. පොළොවේ තිබෙන දේ නොව උසස් තැන්හි තිබෙන දේම සලා සලකාපල්ලා.” (කොලොස්සි 3:1-2)

Leave A Comment

Your Comment
All comments are held for moderation.