Appam - Sinhala

මැයි 06 – ආලෝකය වේවා!

“දෙවියන් වහන්සේ එළිය වේවායි  කී සේක. එවිට එළිය විය.” (උත්පත්ති 1:3)

ආලෝකය වන දෙවියන් වහන්සේට අවශ්‍ය වූයේ තම දරුවන්ට ආලෝකය ලබාදී ලබා දී ඔවුන්ව ආලෝකයේ දරුවන් ලෙස මඟ පෙන්වීමටයි.එනිසයි උන්වහන්සේ මුළු ප්‍රේමයෙන් ආලෝකය වේවා යනුවෙන් අණකර තේජාන්විත ආලෝකය නිර්මාණය කළේ.

දෙවියන් වහන්සේගේ සියළු මැවීම් අතර ආලෝකය ප්‍රමුඛ ස්ථානයක් ගනියි . මක්නිසාද ආලෝකය නොමැතිව සියලු මැවීම් ගණ අන්ධකාරයේ ගිල්වනු ලබයි.එම හේතුව නිසයි දෙවියන් වහන්සේ ලෝකයේ අනෙක් මැවීම් නිර්මාණය කරන්නට ප්‍රථම ආලෝකය නිර්මාණය කර තිබෙන්නේ.

ආලෝකය නැතහොත් එළිය නොපෙනෙන, අන්ධ  මනුෂ්‍යයෙකු දුටු විට අපට ඒ ගැන අනුකම්පාවක් ඇතිවේ. මක්නිසාදයත් මිනිසෙකුට අතපය නොමැතිව කෙසේ හෝ ජීවත් විය හැකි  නමුත් ඇස් නොපෙනී ජීවත්වීම දුෂ්කරය.

ආලෝකය නිර්මාණය කර දෙවියන් වහන්සේ අපට ආලෝකය දැකීමට සහ භුක්ති විඳීමටද, පෙනීමටද ලබාදී ඇත. මනරම් කඳු, සාරවත් නිම්න, කුරුල්ලන් හා ගස් හා මල් දැකීමට උන්වහන්සේ අපට උපකාර කර ඇත.

අපගේ අභ්‍යන්තර ඇසින් ස්වර්ගය සහ ස්වර්ගයේ දෙවියන් වහන්සේ දැකීමටද උන්වහන්සේ අපට කරුණාව ලබාදී ඇත.

ප්‍රේරිත පාවුල් පවසන්නේ “එසේය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණෙහි දෙවියන් වහන්සේගේ තේජස දැන දැනගැනීම නැමැති ආලෝකය බැබළෙන පිණිස අපගේ සිත්තුල බැබලුවේ අන්ධකාරයෙන් ආලෝකය බැබලෙන්ට කිව්වා වූ දෙවියන් වහන්සේය. (2කොරින්ති 4:6)

යමෙක් නැවත ඉපදෙන විට ස්වාමීන් වහන්සේ ඔහුගේ හදවතේ බබලයි. දේව දරුවකු ගැලවීම ලැබුවා යන්නෙන් අදහස් කරන්නේ එම සාක්‍ෂිමත් බබලන්නාවූ හදවතය.

අප සැම  උන්වහන්සේව  හඳුනා ගන්නා පිණිස අප දකින්නේ ඒ ආලෝකය පමණයි.උන්වහන්සේ තම වටිනා රුධිරය වගුරුවා තමන් වෙනුවෙන් කැප කළ සේක.එම නිසා ගැලවීමේ ආලෝකය තුළින් අපි උන්වහන්සේට “අබ්බා පියාණෙනි”! කියා හඩ ගැසීමේ භාග්‍යය  හිමිවී ඇත.

ජේසුස් සමිදානන්  වහන්සේ මෙසේ වදාළ සේක. මම ලෝකයේ ආලෝකයය.මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේයයි කී සේක. (ශු .යොහාන් 8:12)

අන්ධකාරයෙන් ආලෝකය අණ කළ සමිදානන්  වහන්සේ ඔබ කෙරෙහිද බැබලෙන සේක්වා.!  ඔබ සහ ඔබේ පවුල උන්වහන්සේගේ මහිමාන්විත ආලෝකයෙන් පුරවනු ලබාවා!

ලොවට පැමිණෙන සෑම මිනිසෙකුටම ආලෝකය ලබා දෙන සැබෑ ආලෝකය ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම ආලෝකමත් කරන සේක්වා.!

අද මිනිසුන් තුළ ආලෝකයක් තිබේ. එනම් ශුභාරංචියේ ආලෝකය, දෙවියන් වහන්සේගේ ස්වරූපය වන ක්‍රිස්තුස් වහන්සේගේ මහිමයේ ශුභාරංචියේ ආලෝකයයි 2  කොරින්ති 4:4 පවසයි.

දේව දරුවෙනි, එම ශුභආරංචියේ ආලෝකය ලැබීමෙන් පමණක් සෑහීමකට පත් නොවන්න. ඔබට තවත් වගකීමක් තිබේ. එනම්, තවම යේසුස් ක්‍රිස්තුස් වහන්සේව හඳුනා නොගත් මනුෂ්‍යයා හට යේසුස් වහන්සේව හඳුනා ගැනීම සඳහා එම ආලෝකය රැගෙන යන්න.

තවදුරටත් මෙනෙහි කිරීම සදහා දේව වචනය: “මක්නිසාද වරක් නුඹලා අන්ධකාරව සිටිය නමුත් දැන් ස්වාමීන් වහන්සේ තුළ ආලෝකය ව සිටින්නහුය. ආලෝකයේ දරුවන් මෙන් හැසිරියල්ලා.” (එපීස 5:8)

Leave A Comment

Your Comment
All comments are held for moderation.