No products in the cart.
මැයි 04 – සැරිසරනා ආත්මය!
“පොළව වනාහි පාළුව හිස්ව තිබුණාය.ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන් වහන්සේගේ ආත්මය ජල මතුයෙහි හැසිරෙමින් සිටි සේක.” (උත්පත්ති 1:2)
ඒ දිනවල ශුද්ධාත්මයානන් වහන්සේ ජලය මත සැරිසරමින් සිටි සේක. වර්තමාන කාලයේ ශුද්ධාත්මයාණන් වහන්සේ අප අතර සැරිසරයි. ශුද්ධාත්මණයන් වහන්සේ අප කෙරෙහි සැරිසරීමට ශ්‍රේෂ්ඨ හා මහිමාන්විත අරමුණක් ඇත. මැවීමේ දවසේදී ශුද්ධාත්මයාණන් වහන්සේ පෘථිවිය මත සැරි සැරූ විට උන්වහන්සේට අලංකාර මල්,කෙත් මැවීමට හැකි විය.සාරවත් නිම්න බහුල තැනිතලා ගංගා සම්පූර්ණයෙන්ම ගලායයි.
ගස් වැල් සහ අහසේ කුරුල්ලන් , මෘගයන් සහ ගවයන් කිසිවක් නොමැතිව…. ඔව්, ආත්මයේ සැරිසරීම ඇත්තෙන්ම මැවිල්ලේ සැරිසැරීම විය.
ශුන්‍යතාවයෙන් උන්වහන්සේ බහුලත්වයේ සහ ප්‍රීතියේ වාතාවරණය නිර්මාණය කළේය. අන්ධකාරයේ අඳුරු පාලනය මධ්‍යයේ එතුමාණන් වහන්සේ සූර්යයා, චන්ද්‍රායා සහ තාරකා රාශිය මැව්වේය.සැරිසරනා ආත්මය යනු මළවුන්ට පණ දෙන ස්වාමීන් වහන්සේ වන අතර නොපවතින දේ ඔවුන් කලාක්මෙන් හඳුන්වයි. (රෝම 4:17) “නැති දේ ඇති දේ මෙන් සඳහන් කරන්නාවූ දෙවියන් වහන්සේ ඉදිරියෙහි අප සියල්ලන්ගේ පියානෝය.”
ඔබේ ජීවිතය හැඩයෙන් එනම් සැකිල්ලකින් තොර නම් බලාපොරොත්තුවකින් තොරව සහ ශෝකයෙන් පිරි ඇත්නම් අද දවසේ ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබගේ ජීවිතය මත සැරිසරීමටත් පිළිවෙල අලංකාරය බලාපොරොත්තු සහ විශිෂ්ටත්වය ඇති කිරීමටත් බලවත්ය. ඔව්, උන්වහන්සේ සැරිසරන ආත්මය ලෙස සිටින සේක. පාළුකරයේ මාර්ගද කාන්තරයේ ගංගාද මැව්වේ උන්වහන්සේය.
ඔබ මෙය ඇදහිල්ලෙන් කියවන විට සමිදානන් වහන්සේගේ ආත්මය ආත්මය ඔබ මත සැරිසරන අතර යෙසායාගේ පොතේ සඳහන් කරන පොරොන්දුවක් ඔබට ලබාදේ.දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක.
“ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක, පළමු කාරණා සිහි නොකරල්ලා. පුරාණ දේවල්ද කල්පනා නොකරල්ලා. බලව මම අමුතු දෙයක් හටගන්වන්නෙමි. දැන් ඒක හට හටගන්නවා ඇත. නුඹලා ඒක නොදන්නාහුද.මම කාන්තාරයෙහි පවා මාර්ගයද ,වනයෙහි ගංගාද සාදන්නෙමි.”
ඔබ දෙවියන් වහන්සේට කීකරුවී උන්වහන්සේව විශ්වාස කරන විට උන්වහන්සේගේ ආත්මය ඔබ මත සැරිසරන අතර නිර්මාණාත්මක බලයෙන් ඔබ වෙත බැස යනු ඇත
උන්වහන්සේ සාවුල් මත ක්‍රියාකර ඔහුව දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයකු බවට පත්කළේය. සාවුල්ව ඊශ්‍රායල් රජු ලෙස අභිෂේක කරනු ලැබුවේ එබැවිනි. (1සාමුවෙල් 10:1)
මහලු වියේ පසුවනු වයසින් හොඳින් දියුණු වූ සාරාගේ වඳ ජීවිතය මත ශුද්ධාත්මයාණන් වහන්සේ සැරිසරන ලදී.දරු ප්‍රසූතියේ වයස ඉක්මවා තිබූවිටත් ශුද්ධාත්මයාණන් වහන්සේ ඇය මත සැරි සැරූ විට ඇය ඊසාක් බිහි කළාය. එපමණක් නොව අදටත් ආබ්‍රහම්ගෙන් පැවත එන පරම්පරාව මුළු ලෝකය පුරාම පැතිරී සිටිති.
දේව දරුවනි, අපි සියල්ලෝ ද මුහුණ වැස්මක් නැතුව, ස්වාමීන්වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වමින්, ආත්මයාණන් වහන්සේ වන ස්වාමීන් වහන්සේ කෙරෙන් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස් කරනු ලබමුව. (2 කොරින්ති 3:18)
තවදුරටත් මෙනෙහි කිරීම සඳහා පදය:”උන්වහන්සේ මට නැවත කතාකොට, නුඹ මේ ඇට කෙරෙහි අනාගතවාක්‍ය කියමින් ඒවාට මෙසේ කියාපන්න.වියළි ඇට ස්වාමීන් වහන්සේගේ වචනය අසාපල්ලා. මේ ඇට වලට ස්වාමීන්වූ දෙවියන් වහන්සේ මෙසේ කියන සේක. මෙන්න නුබලා ජීවත් වෙන ලෙස මම නුඹලා තුලට ආත්මය පමුණු වන්නෙමි.” (එසෙකියල් 38:4,5)